Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th September 2023 23:51:04 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සලාක පාර්සල් බෙදාදෙයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිය සුභසාධන වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් කොළඹ ප්‍රදේශයේ දිවිගෙවන විවාහක යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආර්ථික දුෂ්කරතා මඟහරවාලීමට අත්වැලක් වීමේ අරමුණින් වියළි සලාක පාර්සල් 100 ක් එළඹුණු සඳුදා (සැප්තැම්බර් 4) දින බෙදා දෙන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලැබු මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති ජානකී ලියනගේ මහත්මිය විසින් පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ දී වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙන ලදී.

පොල්තෙල් පහන් සිළු දල්වා සේවා වනිතා ගීතය සජ්ඣායනය කිරීමෙන් අනතුරුව දවසේ කටයුතු ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී යුද්ධ හමුදා සේවා වනිතා භූමිකාවන් ඇතුළත් වීඩියෝ පටයක් ද ප්‍රදර්ශනය කෙරිණි.

යුද්ධ හමුදා නිලධාරියකු විසින් සිදුකරනු ලැබු ස්තුති කතාවෙන් අනතුරුව එදින වැඩසටහන සමාප්ත විය. මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මේජර් ජෙනරල් යූ. ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.