Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st August 2023 19:49:07 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම බලකායේ සේවයේ නියුතු කාන්තා සාමාජිකාවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 275 දෙනෙකු වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

එම වැඩසටහන ආරම්භ කරමින් පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින පනාගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා ශ්‍රවණාගාරයේදී ප්‍රතිලාභින් 100 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදුන්හ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර මූල්‍ය කළමණාකරන අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සම්බන්ධීකරණ නිලධාරි මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පි වීඑස්වී යූඑස්පී සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශාන්ති අබේසේකර මහත්මිය ද සහභාගී වූහ.

මෙම උත්සවයේදී ප්‍රතිලාභීන්ට රු. 6800.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.එන්. මදනායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.