Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st August 2023 19:57:51 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීම පැවැත්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීම පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රැස්වීමේ පළමු සැසිවාරයේදී එම සේවා වනිතා ශාඛාවේ භූමිකාවන් පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර දෙවන සැසියේදී අභිප්‍රේරණය සහ උපදේශනය පිළිබඳ කථිකාචාර්ය හසිත හේවාවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ‘Self Love and Anger Management’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් 200 කට අධික පිරිසක් සහභාගී වූහ.