Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st August 2023 19:52:29 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ධූරයේ රාජකාරි කටයුතු භාරදෙයි

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි කුමුදු මානගේ මහත්මිය සිය ධූරයේ රාජකාරි භාරදීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (අගෝස්තු මස 18) දින බෝයගනේ ප්‍රදේශයේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති කෙටි උත්සවයකදී නව සභාපතිතුමිය ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

මෙම උත්සවයට සමගාමීව, යුද්ධ හමුදා සැරයන්වරයෙකුගේ පුතනුවන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් 30,000/= ක මුල්‍ය පරිත්‍යාගයක් ද සිදුකෙරිණි. එමෙන්ම, සැරයන්වරයෙකුගේ ගින්නෙන් විනාශ වූ නිවසට විදුලිය ලබාගැනීම සඳහා රුපියල් 30,000/= ක මුල්‍ය ප්‍රදානයක්ද සිදුකෙරිණි.

යුද්ධ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර ලබන දියණියගේ ප්‍රතිකාර කටයුතු සඳහා රුපියල් රු. 30,000/= ක මුදලක්ද සිවිල් සේවක මහතෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා රුපියල් 10,000/= ක මූල්‍ය පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.