Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st August 2023 19:54:31 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය වශයෙන් හිමාලි පුස්සැල්ල මහත්මිය පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.

ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගනු ලැබූ එතුමිය, එම අවස්ථාවට පැමිණි පිරිස අමතමින් තම ධූර කාලයතුලදී සිදුකිරීමට අපේක්‍ෂිත වන සුබසාධක වැඩසටහන් පිළිබඳව කෙටි දැනුවත් කිරීමක් සිදුකළාය.

උත්සව අවස්ථාව අතරතුරදී, ශ්‍රවණාබාධයකින් පෙළෙන කෝප්‍රල්වරයෙකුගේ පුතනුවෙකුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය රුපියල් 30000.00 ක මූල්‍යමය පරිත්‍යාගයක්ද ලාන්ස් කෝප්‍රල්වරයෙකුගේ නිවසට විදුලිය ලබාගැනීම සඳහා රුපියල් 30000.00 ක මුල්‍යමය පරිත්‍යාගයක්ද සිදු කරන ලදී.

උත්සව අවස්ථාවට විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.