Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th August 2023 23:21:18 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මූලිකත්වයෙන් ‘සූපවේදය, කේක් නිර්මාණය සහ මල් සැරසිලි’ පිළිබඳ වැඩමුළුවක් පැවැත්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඒකාබද්ධව සියලුම නිලයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පසුගිය දා ‘සූපවේදය, කේක් නිර්මාණය සහ මල් සැරසිලි’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීය.

මෙම වැඩමුළුව ගල්කිස්ස හෝටලයේ සූපවේදී සහ ප්‍රවර්ධන කටයුතු අධ්‍යක්ෂක දේශබන්දු ආචාර්ය පබිලිස් සිල්වා මහතා, ප්‍රවිණ කේක් නිර්මාණ ශිල්පිණී නිමාකෝ ද සිල්වා මහත්මිය සහ ‘2nd Chance Flowers’ හි අධිපති ප්‍රවීණ මල් සැකසුම් නිර්මාණ ශිල්පී සුමින්ද පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම දේශකයන්ගේ දේශනයන් සමාප්තියේ වැඩමුළුව සඳහා සහභාගීවූවන්ට දේශකයන් සමඟින් සිය අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව ද හිමිවූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මිය ගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු මෙම වැඩමුළුව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගී වූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය ද සහභාගී විය.

මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවන් ද සහභාගී වූහ.