Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd August 2023 23:05:01 Hours

යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් නව යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාලි පුස්සැල්ල මහත්මියගේ උපදෙස් මත එම ශාඛාව වෙත අරමුදල් රැස්කිරීමේ අරමුණින් නව යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතියක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කරන ලදී.

එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති -බටහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූ අතර, එහිදී නව යෝගට් නිෂ්පාදන මධ්‍යස්ථානයේ සමරු ඵලකය නිරාවරණය කර විවෘත කරන ලදී.

විවෘත කිරීමෙන් පසුව මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී නව යෝගට් නිෂ්පාදන මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. මෙම උත්සව අවස්ථාව අතරතුරදී හිමාලි පුස්සැල්ල මහත්මිය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස රාජකාරි අරඹන ලද හිමාලි නියංගොඩ මහත්මිය වෙත ධූරයේ රාජකාරි කටයුතු භාර දෙන ලදී. උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.