Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd August 2023 23:25:10 Hours

යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය වශයෙන් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය දඹුලුහල්මිල්ලෑව, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 22) දින ආගමික ආශිර්වාද සහ සුබපැතුම් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි ගන්නා ලදී.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.