Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th August 2023 22:18:22 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය සිය ධූරයේ රාජකාරි භාරගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස හිමාලි නියංගොඩ මහත්මිය පසුගිය සඳුදා දින (අගෝස්තු 21) පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.

නව ධූරයේ රාජකාරි භාරගැනීමේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ හි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගී වූහ.