20th August 2023 20:46:55 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස්හි හා සිවිල් කාර්ය මණ්ඩල සමාජිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන තෝරාගත් ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පනාගොඩ, සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි වනිගසේකර මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබීය.
යුද්ධ හමුදා සේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 18) දින පැවති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තුෂාරි වනිගසේකර මහත්මිය සහභාගී වූ අතර, එහිදී පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ ඇසුරුම් බෙදාදීම සිදුකෙරිණි.
උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රතිලාභීන් එක්ව සිටියහ.