Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th August 2023 19:37:10 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ ‘CBL සමූහ ආයතනය’ සමඟ එක්ව ඉවුම් පිහුම් වැඩමුළුවක් පවත්වයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ CBL සමූහ ආයතනය සමඟ එක්ව ‘විරුලිය හරසර’ යන තේමාව යටතේ සූපශාස්ත්‍ර කුසලතා පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම අරමුණින් ආහාර පිසීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ඒ සඳහා යුද්ධ හමුදා කාන්තා නිලධාරිනියන්, කාන්තා සෙබළියන් සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන්ද සහභාගී වූහ.

වැඩසටහන පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 17) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණ ජානකී ලියනගේ මහත්මිය, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශාන්ති අබේසේකර මහත්මිය විසින් පිළිගනන්නා ලදී.

සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දල්වා සේවා වනිතා ගීතය ගායනා කිරීමෙන් පසුව උත්සවයේ කටයුතු ආරම්භ කල අතර, අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙහි කාර්යභාරය පිළිබඳ වීඩියෝ පටයක්ද ප්‍රදර්ශනය කරන ලදී.

උත්සව කටයුතු ආරම්භයේදී CBL සමූහ ආයතනයේ Food Cluster අංශයේ සාමාන්‍යාධිකාරී සචී ප්‍රනාන්දු මහත්මිය විසින් වැඩමුළුවේ වැදගත්කම හඳුන්වා දෙමින් ඉවුම් පිහුම් වැඩමුළුව ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන සඳහා 200 කට අධික පිරිසක් සහභාගී වූහ. ඉවුම් පිහුම් වැඩමුළුව අවසානයේදී ජානකී ලියනගේ මහත්මිය විසින් සහභාගී වූ සියලුම දෙනා වෙත CBL ආහාර නිෂ්පාදන ඇතුළත් ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලදී.

වැඩමුළුව අවසානයේදී ජානකී ලියනගේ මහත්මිය සහ සචී ප්‍රනාන්දු මහත්මිය අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකර ගන්නා ලද අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම්තුමිය විසින් ස්තුති කථාව සිදුකරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් වැඩසටහන සඳහා සහභාගී වූ සියළුම දෙනා සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින ලද අතර, අනතුරුව ඔවුන් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වූහ.