Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th August 2023 20:09:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ඔසු කැඳ අලෙවිසැලක් ආරම්භ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වේරහැර, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා මූලස්ථාන පරිශ්‍රයේ ආරම්භකරන ලද නව ඔසු කැඳ අලෙවිසැල ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති සහ එම බලකා සේවාවනිතා ශාඛාවේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය නිල්මිණි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

ඔසු කැඳ අලෙවිසැල මගින් ඖෂධ පැළෑටි මගින් සාදනු ලබන කැඳ වර්ග, සව් කැඳ ඇතුළු සියලු වර්ගවල කැඳ වර්ග අලෙවි කරනු ලබයි. උත්සව අවස්ථාව සඳහා 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.