Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th August 2023 00:07:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකා සේවා වනිතා ශාඛාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී බන්දුනි මාග්‍රට් රණසින් රණවක මහත්මියගේ උපදෙස් මත එම සේවා වනිතා ශාඛාවේ අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව්, භාරතී ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් 100 දෙනෙකු වෙත විශේෂ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ එම බලකායේ භටපිරිස් කණ්ඩායමක් පසුගිය ඉරිදා (අගෝස්තු මස 13) දින ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් වෙත දිවා ආහාර භෝජන සංග්‍රයක් ලබාදීමෙන් අනතුරුව ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරන ලදී.

වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ බලකාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ අණදෙන නිලධාරී විසින් අවශ්‍ය සහයෝගය දක්වන ලදී.