Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th August 2023 18:53:00 Hours

කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් බලපිටිය අනුලා විජේරාම ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාව එම බලකාය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටහන් තවදුරටත් පුළුල් කරමින් බලපිටිය අනුලා විජේරාම ළමා නිවාසයේ නේවාසික දරු දැරියන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය විසින් එම ළමා නිවාසය වෙත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් පරිත්‍යාග කළේය. අනතුරුව එම බලකා කැලිප්සෝ කණ්ඩායම වෙතින් ළමුන් වෙනුවෙන් සංගීතමය වැඩසටහනක් ද පැවැත්වීය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පසුගිය ඉරිදා (ජුලි මස 30) දින භටපිරිස් විසින් එම ළමා නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශාන්ති අබේසේකර මහත්මිය ඇතුළු සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.