Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th August 2023 18:25:58 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් දිවංගත රණවිරුවන් සැමරේ

මානුෂිය මෙහෙයුමේදී දිවිපිදූ ගැමුණු හේවා බලකාය ඇතුළු අනෙකුත් රෙජිමේන්තුවල දිවංගත රණවිරුවන් 31 දෙනෙකු වෙත උපහාර පුදකිරීමේ අරමුණින් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් එම දිවගංත රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ පසුගිය සෙනසුරාදා (ජූලි මස 29) දින මයිලපිටිය රණවිරු ස්මාරකය වෙත ගොස් ඔවුන් වෙත සිය ගෞරවාචාර පුදකරනු ලැබීය.

සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පි වීඑස්වි යූඑස්පි එන්ඩීසි සහ මනෝරි වෙලගෙදර මහත්මිය දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීය.

මෙම අවස්ථාවේදී දිවංගත රණවිරුවන්ගේ පවුල්වල සියලුම සාමාජිකයින් වෙත ආහාර පාන පිරිනමනු ලැබූ අතර ඔවුන් වෙත සමරු ඡායාරූප පරිත්‍යාග කිරීම ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පි වීඑස්වි යූඑස්පි එන්ඩීසි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.