Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th April 2022 20:17:16 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් සුභසාධන වැඩසටහන් කිහිපයක්

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දීපිකා ප්‍රශාන්ති චන්ද්‍රසේන මහත්මියගේ උපදෙස් මත එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය කරන සිවිල් සේවක මහතෙකුගේ මවක් වෙත රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් ‘බෝග වගාව සහ වෛරස් හඳුනාගැනීම’ පිළිබඳ දේශනයක් 2022 මාර්තු මස 15 දින සංවිධානය කරන ලද අතර, කෘෂිකර්ම උපදේශක ඩී.එස්.කේ.පී ගුණසේකර මහතා විසින් පැවැත්වූ එම දේශනය සඳහා ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් 150 දෙනෙකු පමණ සහභාගී වූහ.