Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st July 2022 17:06:25 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් සුබසාධන වැඩසටහනක්

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සුභසාධන කටයුතු තව දුරටත් වර්ධනය කරමින් එම බලකායේ සේවයේ නියුතු සෙබලුන් දෙදෙනෙකුගේ රෝගී දරුවෙකු සඳහා මූල්‍ය ආධාර සහ පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකු සඳහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් පනාගොඩ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දීපිකා ප්‍රශාන්ති චන්ද්‍රසේන මහත්මියගේ උපදෙස් පරිදි, 8 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු සෙබලෙකුගේ ‘ඩවුන් සින්ඩ්‍රෝම්’ රෝගයෙන් පෙළෙන දරුවෙකු සඳහා සහ තවත් පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකු වෙත මෙම සුබසාධන වැඩසටහන මගින් ප්‍රථිලාභ හිමිවූහ.