Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th October 2022 19:57:12 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ‘අභිමංසල-3’ සුවතා නිකේතනයේ සංචාරයක

ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් කඹුරුපිටිය, ‘අභිමංසල-3’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (15) දින නිරීක්‍ෂ චාරිකාවක නිරත වූහ.

ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දීපිකා චන්ද්‍රසේන මහත්මිය සහ එම ශෘඛාවේ සාමාජිකාවන් විසින් රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා කුෂන්, කොට්ට, උපකරණ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ මෙට්ට සහ තෑගි ඇසුරුම් තොගයක් පරිත්‍යාග කරනු ලැබූහ.

එහිදී දීපිකා චන්ද්‍රසේන මහත්මිය, ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උප සභාපතිනී වජිරා එදිරිසිංහ මහත්මිය සහ පැමිණ සිටි අනෙකුත් සාමාජිකාවන් එම රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගත්හ.