Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st December 2022 23:55:46 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් පාසල් ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ලබාදෙයි

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස10) දින පැවති අතර, එහිදී ඉංජිනේරු සේවා බලකායේ රාජකාරි කරනු ලබන භටපිරිස්හි පවුල්වලට අයත් පාසල් ළමුන් 68 දෙනෙකුට අත්‍යවශ්‍ය පාසල් උපකරණ , ශිෂ්‍යත්ව, තෑගි පාර්සල් පිරිනමනු ලැබීය.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දීපිකා ප්‍රශාන්ති චන්ද්‍රසේන මහත්මිය සහභාගී විය.

එහිදී දීපිකා ප්‍රශාන්ති චන්ද්‍රසේන මහත්මිය විසින් 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සාර්ථකව සමත් වූ සිසුන් 68 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

උත්සව අවස්ථාවේදී සංකේතාත්මකව 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව සමත් වූ සිසුන් 10 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය පාසල් උපකරණ පාර්සල් බෙදාදුන් අතර, මෙම අවස්ථාවට ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද සහභාගී වූහ.