Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th March 2023 22:18:16 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ‘අභිමංසල-3’ සුවතා නිකේතනයේ සංචාරයක

ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පාන්ගොල්ල, ‘අභිමංසල-3’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් පසුගිය සඳුදා (පෙබරවාරි මස 20) දින සංචාරයක නිරත වූහ.

යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත ඇතිව ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දීපිකා චන්ද්‍රසේන මහත්මියගේ මගපෙන්වීම යටතේ මෙම සංචාරය සිදුකරනු ලැබූ අතර, එහිදී ‘අභිමංසල-3’ සුවතා නිකේතනයේ ප්‍රයෝජනය සඳහා තණකොළ කපන යන්ත්‍ර 02 ක් පරිත්‍යාග කරන ලදී.

පැවති තේ පැන් සංග්‍රහය අතරතුරදී රණවිරුවන් සඳහා තුවා බෙදාදීමක්ද සිදු කරන ලදී. මෙම අවස්ථාවට ඉංජිනේරු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය, එම ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.