Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th August 2023 08:38:02 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික සභා රැස්වීම සාර්ථකව පවත්වයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික සභා රැස්වීම එම ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින පැවැත්විණි.

මාසික සභා රැස්වීම ආරම්භ කරමින් ජානකී ලියනගේ මහත්මිය ආරම්භක කථාව සිදු කරන ලද අතර, න්‍යාය පත්‍රයට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් නව විධායක කමිටුව පත් කරන ලදී. අනතුරුව එම ඒකකයේ විධායක ලේකම් මේජර් එච්. එස් වන්නිආරච්චි විසින් අවසන් රැස්වීමේ වාර්තාව ඉදිරිපත්කිරීමෙන් පසුව භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී කුමාරි විසින් අයවැය සහ ගිණුම් වාර්ථාව සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

වැඩසටහන සඳහා පැමිණි ආරාධිත දේශක තනුජ චද්‍රසේකර මහතා විසින් කෙසෙල් කෙඳි යොදා ගනිමින් සිදුකරන නිෂ්පාදන පිළිබඳව හරවත් දේශනයක් පවත්වන ලදී. රැස්වීම අතරතුර ජානකී ලියනගේ මහත්මිය ‘රණවිරු’ යෝගට් ව්‍යාපෘතියේ ලාභාංශ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි වනිගසේකර මහත්මිය වෙත ප්‍රදානය කරන ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියද යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සුබසාධන කටයුතු සඳහා මුල්‍යමය පරිත්‍යාගයක් සිදුකරන ලදී.

මාසික සභා රැස්වීමේ කටයුතු අවසානයේදී තේ පැන් සංග්‍රහකට එක් වූ යුද්ධ හමුදා සේවා වනිතා සාමාජිකාවන් සුහඳව අදහස් හුවමාරු කර ගත් අතර, අනතුරුව සමූහ ඡායාරූප කිහිපයක් සඳහාද පෙනී සිටින ලදී.

පත් කරන ලද විධායක කමිටු සාමාජිකයින් පහත පරිදි වේ:

උප සභාපතිය - චාමා වනසිංහ මහත්මිය

ලේකම් - දීපාරේකා රණසිංහ මහත්මිය

සහාය ලේකම් - කුමුදු මානගේ මහත්මිය

මහජන සම්බන්ධතා නිලධාරිනී - හිමාලි පුස්සැල්ල මහත්මිය

සහාය මහජන සම්බන්ධතා නිලධාරිනී - ශාන්ති අබේසේකර මහත්මිය

ව්‍යාපෘති භාර සම්බන්ධීකාරක නිලධාරිනී - ඔමිලා ජයවර්ධන මහත්මිය