Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th August 2022 06:13:24 Hours

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම සාලියපුරදී පවත්වයි

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 14 වන වාර්ෂික මහා සභා රැස්වීම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (1) දින ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකයින් සහභාගීත්වයෙන් ඉදිරි වසර සඳහා නිලධාරී මණ්ඩලය පත් කරන ලද අතර, පසුව ජානකී ලියනගේ මහත්මිය පසුගිය වසරෙහි ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ කටයුතු වල ප්‍රගතිය සමාලෝචනය කරමින් 2022 - 2023 වර්ෂයේ සැලසුම් සභාගත කළාය.

මහා සභා රැස්වීමේදී යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා තවත් සුබසාධන ව්‍යාපෘති කිහිපයක් යෝජනා කරමින් ඒ පිළිබඳව සාකච්ඡාවට ගැනුණු අතර, රැස්වීම ආරම්භ වීමට පෙර පිළිගැනීමේ කථාව සහ පසුව ස්තුතිය කථාව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් දෙදෙනෙකු විසින් සිදු කරන ලදී.