Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th December 2022 11:48:35 Hours

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ‘අභිමංසල-1’ හි සංචාරයක

එම සංචාරයේදී ජානකී ලියනගේ මහත්මිය නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීය. එහිදී අභිමංසල-1 දැනට සුවය ලබමින් සහ පුනරුත්ථාපනය වෙමින් සිටින රණවිරුවන් 24 දෙනෙකු විසින් නිර්මාණය කරන ලද අත්කම් භාණ්ඩ නැරඹීමටද එතුමිය ඇතුළු සේවා වනිතා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ට හැකි වූහ.

අනතුරුව එම ආබාධිත රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් 150,000.00 ක් පමණ වටිනා ‘වෝටර් බුබ්ලර් ඩිස්පෙන්සර්’ 10 ක් සහ අමතරව ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් ලැබුණු මුල්‍යමය ආධාර මත අත්‍යාවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහිත තෑගි පාර්සල්ද පරිත්‍යාග කරන ලදී.

ජානකී ලියනගේ මහත්මිය ඇතුලු පැමිණ සිටි පිරිස නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් සමඟින් තේ පැන් සංග්‍රහයක් සඳහාද එක්වූ අතර, එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමිය විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය. අනතුරුව ‘අභිමංසල-1’ සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් කපිල චක්‍රවර්ති ජානකී ලියනගේ මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

සංචාරය සඳහා ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ද එක් විය.