Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th June 2023 08:42:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි භාර ගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය වශයෙන් හිමාලි පුස්සැල්ල මහත්මිය පසුගිය බදාදා (21) දින යුද්ධ හමුදා පොදු සේවා බලකාය රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යෙය් පැවති උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි හිමාලි පුස්සැල්ල මහත්මිය යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි නිලති ද සොයිසා මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ආගමික වතාවත්වලින් අනතුරුව සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සහ යුද්ධ හමුදා කාන්තා නිලධාරිනියන් නව සභාපතිනිය වෙත සුබ පැතුම් එක් කළහ.

රෙජිමේන්තු දේශන ශාලාවේ නව සභාපතිතුමිය පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සවය සඳහා තුෂාරි අබේසිංහ මහත්මිය සහභාගී වූ අතර, එහිදී එතුමිය රැස්ව සිටි පිරිස අමතමින් සුබසාධන ව්‍යාපෘති ඉදිරියටත් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන බවට ප්‍රකාශ කළේය.