Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th July 2023 08:51:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා විශේෂ විමර්ශන ඒකකයේ සම්බන්ධීකරණය මත මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පාලනය වන වාට්ටු අංක 05 හි රෝගීන්ගේ සුවදුක් විමනා එම රෝහලේ නේවාසික රෝගීන් 35 දෙනෙකු වෙනුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජූලි මස 22) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මිය සහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් කිහිපදෙනෙකු එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

උත්සවය අතරතුර, කැලිප්සෝ සංගීත කණ්ඩායමේ සංගීතාස්වාදය මධ්‍යයේ ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.