Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th May 2023 19:58:50 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් නව නිවසක් ඉදිකර දෙයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය විසින් ඉඳුරුව ප්‍රදේශයේ එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරමින් පවතින නව නිවසේ ඉදිකිරීම් කටයුතු පසුගිය සඳුදා (මැයි මස 01) නිරීක්‍ෂණය කරන ලදී.

නිවස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් රුපියල් 500,000.00 ක මූල්‍ය ප්‍රධානයක් පිරිනමන ලදී.

නන්දනී සමරකෝන් මහත්මිය විසින් නව නිවස ඉදිකිරිම් කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් කොමිෂන් නොලත් නිලධාරි වෙත ලබා දෙන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව සාමාජිකාවන් සහ යුද්ධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද සිටියහ.