Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th July 2023 00:01:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් එක්ව මීගොඩ මහාබෝධි ළමා නිවාසයේ නේවාසිකව සිටින දරුවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, තෑගි භාණ්ඩ සහ ඇඳුම් තොගයක් පසුගියදා පරිත්‍යාග කරන ලදී.

යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක සහ 1 යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිළධාරී මෙම සත්කාරක වැඩසටහන සඳහා සිය සහයෝගය ලබා දෙන ලදී. උත්සවය අතරතුරදී එම දරුවන් වෙනුවෙන් විනෝදාස්වාද වැඩසටහනක්ද පැවැත්වූහ.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා කාන්තා නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගී වූහ.