Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th June 2023 19:47:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සේවා වනිතා ශාඛාව මගින් පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සේවා වනිතා ශාඛාව මගින් එම බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු දිරිමත් කිරීමේ අරමුණින් වසරක් සඳහා රු.50,000.00 බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රධානයක් පසුගිය ජුනි මස 12 දින සිදුකරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී ගේ උපදෙස් මත යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි (වෛද්‍ය) නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් විසින් යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී මෙම වැඩසටහන පවත්වන ලදී.

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල් වල දරුවන් සඳහා ඔවුන්ගේ පාසල් අධ්‍යාපනය බාධාවකින් තොරව සිදුකරගෙන යාමට අවශ්‍ය පාසල් උපකරණද එහිදී බෙදාදෙනු ලැබීය.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රතිලාභී පාසල් ළමුන් සහභාගී වූහ.