Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th July 2023 21:51:40 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වයි

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම එම බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී රාජිත ජයසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (ජූලි මස 15) දින සූරියවැව, දක‍්ෂිණ විශ්ව විද්‍යාලය - කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

මහා සභා රැස්වීම ආරම්භයේදී සේවා වනිතා ගීතය ගායනා කල අතර, අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ වීරොදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී. අනතුරුව නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීම සිදු කෙරුණු අතර, සන්නද්ධ බුද්ධි බළකායේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක විසින් සිදුකරන ලද සුභසාධන ව්‍යාපෘති පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.