Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th October 2022 12:27:02 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පාසල් සිසුන් 60 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන් මතුගම ඌරාගොඩ ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී 2022 ඔක්තෝම්බර් මස 7 දින විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පාසල් සිසු සිසුවියන් 60 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මල්ලිකා විජේසුන්දර සහභාගී විය.

12 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන සඳහා විපුල් මහතා, මනෝජ් කුමාර් මහතා සහ කසුන් රූපසිංහ මහතා විසින් මූල්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.