Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th January 2022 08:48:26 Hours

විශේෂ බළකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වයි

විශේෂ බළකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී විශේෂ බළකා සේවා වනිතා ඒකකයේ සභාපතිනී නයනි සමන්ති සෙනරත් මහත්මියගේ සහභාගිත්වයෙන් පසුගිය 2022 ජුනි 26 වැනි දින පැවැත්විණි.

මහා සභා රැස්වීම ආරම්භයේදී සේවා වනිතා ගීතය ගායනා කල අතර, අනතුරුව විශේෂ බලකායේ රට වෙනුවෙන් දිවිපිදූ වීරොදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී. වැඩ කටයුතු ආරම්භ කරමින් නයනි සමන්ති සෙනරත් මහත්මිය සාමාජිකාවන් අමතා විශේෂ බලකාය විසින් සිදුකරන ලද සුභසාධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කරනු ලැබීය.

එහිදී එතුමිය විසින් ආබාධිත රණවිරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් හැකි විටම අවශ්‍ය සහයෝගය ලබාදිය යුතු බවත්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින් සුබසාධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන් අතර සේවයේ නියුතු විශේෂ බලකා භට පිරිස්වල සුවදුක් ද විමසා සිටියාය.