Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th September 2022 18:54:45 Hours

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ‘නිල් අරඹ’ පැල තවාන අලෙවි මධ්‍යස්ථානය ආරම්භ කරයි

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ ව්‍යාපෘතියක් ලෙස ගෘහස්ථ කාබනික වගාවන් ප්‍රවර්ධනය කරමින් ගෘහස්ථව වගාකල හැකි බෝග වර්ග වගා කර අලෙවි කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද ‘නිල් අරඹ’ පැල තවාන අලෙවි මධ්‍යස්ථානය 2022 සැප්තැම්බර් 7 වන දින මාතලේ, නාවුල, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආරම්භ කරන ලදී.

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නයනි සමන්ති සෙනරත් යාපා මහත්මියගේ උපදෙස් මත එම ඒකකය විසින් සිදුකරනු ලබන ව්‍යාපෘති සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් අලෙවි මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

‘නිල් අරඹ’ පැල තවාන අලෙවි මධ්‍යස්ථානයෙහි බීජ පැල, එළවළු පැල සහ විසිතුරු පැල ආදියෙන් සමන්විත වේ. විශේෂ බළකායේ බලකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.