Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd December 2022 23:01:12 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පාසල් දරුවන් වෙත පාසල් පොත්, ලිපිද්‍රව්‍ය ලබාදෙයි

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයනි සමන්ති සෙනරත් යාපා මහත්මියගේ මහත්මියගේ මූලිකත්වයෙන් එම බලකායේ සේවයේ නියුතු සෙබළුන්ගේ සහ සිවිල් කාර්යය මණ්ඩල මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙත රුපියල් මිලියන 4කට අධික වටිනාකමකින් යුත් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් නාඋල, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සඳුදා (දෙසැම්බර් 19) දින පවත්වනු ලැබීය.

ත්‍යාගශීලී ව්‍යවසායකයෙකු වන මාධව තේනුවර මහතා සහ ඔහුගේ බිරිඳ සන්ධ්‍යා තේනුවර මහත්මියගේ අනුග්‍රහය මත මෙම පරිත්‍යගායන් සිදුකෙරිණි.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා සහ නයනි සමන්ති සෙනරත් යාපා මහත්මිය ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර, මාධව තේනුවර මහතා සහ ඔහුගේ බිරිඳ සන්ධ්‍යා තේනුවර මහත්මිය මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වූහ.

උත්සව අවස්ථාවේදී විශේෂ බළකා රෙජිමේන්තුව වෙනුවෙන් එම බලකායේ බලකාධිපතිතුමන් පරිත්‍යාගශීලීන් ඇගයීමට ලක් කරමින් ඇගයීම් සංකේතයක් පිරිනැමීය.

උත්සව අවස්ථාවට 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රතිලාභීන් එක්ව සිටියහ.