Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st January 2023 18:49:19 Hours

විශේෂ බළකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් මියගිය සෙබළෙකුගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවස ඉදිකර දෙයි

මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ විශේෂ බළකා මූලික පාඨමාලාව හදාරමින් සිටියදී හදිසි රෝගාබාධයක් හේතුවෙන් හදිසියේ මියගිය සෙබළෙකුගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක් නිම කිරීමේ කටයුතු එම බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයනි සමන්ති සෙනරත් යාපා මහත්මියගේ අධීක්‍ෂණය මත ආරම්භ කරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් දානපති ටිරෝන් ප්‍රියන්ත මෙන්ඩිස් මහතා විසින් ලබාදුන් රු.550,000.00 මූල්‍යමය ප්‍රථිපාදන මත විශේෂ බලකා භටපිරිස්හි සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ඇතිව නිවසේ වැඩකටයුතු නිම කරන ලදී.

වැඩකටයුතු නිම කරන නිවස මියගිය සෙබළාගේ ළඟම ඥාතීන් වෙත පසුගිය සෙනසුරාදා (ජනවාරි 28) දින නයනි සමන්ති සෙනරත් යාපා මහත්මිය, මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී භාරදෙන ලදී.