Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th March 2023 20:52:38 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රණවිරුවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය විසින් ලබාදුන් උපදෙස් මත එම රෙජිමේන්තු අරමුදලින් සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ධනුෂා වීරසූරිය මහත්මියගේ මූලිකත්වයෙන් එම රෙජිමේන්තුවේ රට වෙනුවෙන් දිවිපිදූ සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ වැඩසටහන ඉදිරියට ගෙන යමින්, රණක්‍ෂිතයට පත් බළලත් නිලධාරීවරයෙකු වෙනුවෙන් ඇතිලිවැව ප්‍රදේශයේ ඉදිකරදුන් නව නිවස පසුගිය ඉරිදා (12) දින නිවාසලාභීන් වෙත පවරා දෙනු ලැබීය.

කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම්දී ස්ථිර ආබාධිත තත්ත්වයට පත් වූ තත් බළලත් නිලධාරී වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදා ගනිමින් නව නිවස ඉදිකරන ලදී. ධනුෂා වීරසූරිය මහත්මිය විසින් චාරිත්‍රානුකූලව නව නිවස විවෘත කර නිවාසලාභීන් වෙත නිවසේ යතුර සංකේතාත්මකව භාරදෙන ලදී.

උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.