Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th April 2023 19:35:46 Hours

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීගේ පවුල, වෙත නව නිවසක්

යුද්ධ හමුදාධිපති හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත වාරියපොල, නාවින්න ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයින් වෙත පසුගිය බ්‍රහස්පතින්දා (06) දින භාරදෙනු ලැබිණි. ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ වනිතා ඒකකය සහ පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය දායකත්වය මත නිවස ඉදිකරනු ලැබීය.

2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රාජකාරි කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ තත් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීගේ භාර්යාව වන ආර්.එම්.ජී.ආර්.කේ රත්නායක මහත්මිය වෙත එම ඒකකයේ භටපිරිස් නව නිවස ඉදිකර දෙනු ලැබීය.

සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ ඉල්ලීම මත විදෙස් රටවල වෙසෙන පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකු විසින් නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය ආධාර ලබා දුන්හ.

ජානකී ලියනගේ මහත්මිය නව නිවස විවෘත කර ප්‍රතිලාභීන් වෙත භාරදුන් අතර, එහිදී ගෘහ විදුලි උපකරණ ඇතුළු මුළුතැන්ගෙයි උපකරණ තොගයක් ද පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.