Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th June 2023 23:55:20 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව සුභසාධන වැඩසටහන් කිහිපයක් පවත්වයි

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ උපදෙස් මත එම බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අභිවෘද්ධිය උදෙසා සුභසාධන වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.

මෙම වැඩසටහන යටතේ පෙබරවාරි මස 12 දින 12 ඉංජිනේරු සේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී එම යුද්ධ හමුදා පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට පාසල් උපකරණ බෙදාදෙන ලදී. තවද, ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ මූල්‍යමය දායකත්වයෙන් ගර්භනී කාන්තාවන් දස දෙනෙකු වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

12 ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ගේ උපදෙස් මත 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස (සා.පෙළ) විභාගයෙන් සමත් වූ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දරුවන් සඳහා මාර්තු මස 11 දින පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී. එමෙන්ම, 10 ඉංජිනේරු සේවා බලකායේහි රාජකාරියෙහි නියුතු සෙබළෙකුගේ ශාරීරික ආබාධ සහිත දරුවෙකු සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීමක්ද ජනවාරි මස 02 දින එම කඳවුරු පරිශ්‍රයේදී සිදුකරන ලදී.