Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th July 2023 23:01:26 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ඒකකය සහ කොළඹ යුද්ධ හමුදා රෝහල එක්ව පොල්හේන්ගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජුනි 27) දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශන ඒකකය සහ එම බලකා සේවා වනිතා ඒකකය එක්ව සංවිධානය කරනු ලැබු අතර, එම අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු 100 කට අධික පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මැතිනිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ආර් අබේසිංහ ඇතුලු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.