Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th June 2023 21:55:38 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් රෝද පුටු පරිත්‍යාගයක්

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආබාධිත සෙබළුන් අතර බෙදා දීම සඳහා පරිත්‍යාගශීලී ප්‍රජානිත පුෂ්පකුමාර සහ ජයනාත් ද සිල්වා යන මහත්වරුන් විසින් නව රෝද පුටු තුනක් පසුගිය අඟහරුවාදා (17) දින රත්නපුර, කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පරිත්‍යාග කරනු ලැබීය.

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශාලිකා එදිරිසිංහ මහත්මිය සහ ප්‍රියංකා ගලප්පත්ති මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ගැමුණු හේවා බලකා ඒකකයන්හි සේවය කරන රෝද පුටු අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහතුන් වෙත එම රෝද පුටු ලබා ලබාදීමට නියමිතව ඇත. රෝද පුටු පරිත්‍යාගයන් ලබාගැනීමේ අවස්ථාවට ගැමුණු හේවා රෙජිමේන්තුවේ බළකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී, එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සෙසු නිලයින් පිරිසක් ද පැමිණ සිටියහ.