Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th July 2023 23:05:48 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ‘අභිමංසල - 3 හි නිල සංචාරයක

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ධනුෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් මත එම ශාඛාවේ සාමාජිකාවන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 29) දින පාන්ගොල්ල ‘අබිමන්සල 3’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ගනු ලබන වීරෝධාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා සංචාරයක නිරත විය. සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රණවිරුවන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ පවුල්වල සුවදුක් විමසූ අතර, රෝගාබාධ තත්ත්වයන් පිළිබඳව ද විමසා සිටියහ.

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් එහිදී සියලු රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලද අතර, අනතුරුව ඔවුන් සමඟින් තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් විය. වැඩසටහන අතරතුර කැලිප්සෝ සංගීත කණ්ඩායමක සංගීත රසාස්වාදයද එම රණවිරුවන් වෙත ලබාදුන්හ. සංචාරය සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් එක් වූහ.