Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th July 2023 20:17:35 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත නැවුම් එළවළු පාර්සල් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙතින් එම මූලස්ථානයේ සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් නැවුම් එළවළු පාර්සල් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ජුනි මස 28 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම පරිත්‍යාග වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී සිවිල් සේවක මහත්ම මහත්මීන් 24 දෙනෙකු වෙත නැවුම් එළවළු පාර්සල් පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මිය, එම බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරිනියන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.