Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th June 2023 23:49:25 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පොසොන් සැමරුම් උත්සවයක්

පොසොන් පොහොය නිමිත්තෙන් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පොසොන් පොහෝ දිනයේදී (ජුනි මස 03) කුරුවිට ප්‍රදේශයේ ස්ථාපිත ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ භක්ති ගීත වැඩසටහනක්, පහන් කූඩු ප්‍රදර්ශනයක් සහ අයිස්ක්‍රීම් දන්සැලක් පැවැත්වීය.

ගැමුණු හේවා බලකා සාමාජිකයන්ගේ පවුල්වල දරු දැරියන් විසින් මෙම භක්ති ගීත වැඩසටහන ඉදිරිපත් කළ අතර අයිස්ක්‍රීම් දන්සල සඳහා එම ප්‍රදේශයේ Grand Guardian ව්‍යාපාරික ආයතනය වෙතින් අනුග්‍රාහකත්වය දැක්වීය. මෙම අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශාලිකා එදිරිසිංහ මහත්මිය ඇතුළු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ යුද්ධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.