Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st January 2023 18:51:03 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් සුභසාධන වැඩසටහනක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රාජකකාරි කරනු ලබන තෝරාගත් සිවිල් සේවක මහතුන් සඳහා වියලි ආහාර සලාක පාර්සල් සහ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දරු දැරියන් වෙත පාසල් උපකරණ ලබාදීමේ සුභසාධන වැඩසටහනක් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පසුගිය බදාදා (ජනවාරි 25) දින වැහැර, කුරුණෑගල පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රාජකකාරිකරනු ලබන තෝරාගත් සිවිල් සේවක මහතුන් 38 දෙනෙකු වෙත රුපියල් 7500.00 ක වටිනාකමකින් යුත් වියලි ආහාර සලාක පාර්සල්ද, 2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉගෙනුම ලබන සිසුන් 100 දෙනෙකු සඳහා රුපියල් 3000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපරණ සහ 2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින තවත් සිසු සිසුවියන් 132 දෙදෙනෙකුට දිරි දීමනා වශයෙන් රුපියල් 5000.00 බැගින් වූ අධ්‍යාපනික උපකරණද ප්‍රදානය කරන ලදී.

ජානකී ලියනගේ මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්.ඒ කීර්තිනාථ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව සේනා වනිතා ශාඛාවේ සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.