Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th July 2023 09:36:04 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවවේ මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව විසින් සඳුන්පුර ‘සරණ’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් සඳහා පසුගිය අඟහරුවාදා (ජූලි මස 11) දින දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

වැඩිහිටි නිවාසයට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද මෙහිදී සිදු කරන ලද අතර, පැවති දිවා භෝජන සංග්‍රහයෙන් අනතුරුව යුද්ධ හමුදා කැලිප්සෝ කණ්ඩායම විසින් එම නේවාසික වැඩිහිටියන් වෙත සංගීතාස්වාදය ද ලබාදුන්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියාග් උපදෙස් මත, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී මේජර් එච්. ද සිල්වා ගේ අධීක්ෂණය යටතේ එම බලකායේ සියලුම නිලයන් එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබූහ.

උත්සව අවස්ථාවට ශ්‍යාමලී විජේසේකර මහත්මිය, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරී සහ එම බලකායේ කාන්තා හමුදා සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.