Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th July 2023 09:41:18 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ උපාධි පාඨමාලාවක් හදාරනු ලබන එම රෙජිමේන්තුවේ සිවිල් සේවක මහතෙකුගේ දියණියකට ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරිණි.

සීමාසහිත ‘Aitken Spence’ පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී කපිල අබේගුණවර්ධන මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයෙකු වූ තම ආදරණීය පියානන් සිහිවීම පිණිස එම ලැප්ටොප් පරිගණකය පරිත්‍යාග කරන ලදී.

කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති සහ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ පසුගිය ඉරිදා (ජුනි මස 11) දින එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු භටපිරිස්හි පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් වෙත, පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්ද සිදුකරන ලදී.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් බී.එම්.එස්.කේ.කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

උත්සව අවස්ථාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සමාජිකයින්ද සහභාගී වූහ.