Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th December 2022 10:36:54 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවා වනිතා ශාඛාවන් ඒකාබද්ධව පොත් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

දීප ව්‍යාප්ත ‘අත - හිත 2022’ ව්‍යාපෘතියේ 7 වන සංස්කරණයට සමගාමීව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව ඒකාබද්ධව එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ පවුල්වල දරු දැරියන් 230 දෙනෙකු වෙනුවෙන් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 13) දින මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

‘අත - හිත 2022’ ප්‍රධාන අනුග්‍රාහක ප්‍රසාද් ලොකුබාලසූරිය ගේ මූල්‍යමය දායකත්වය මත එම ව්‍යාපෘතියේ සාමාජිකයන් වන චින්තක අබේසේකර මහතා, ඩැනි පෙරේරා මහතා, සුබෝදා සෙත් හේවගේ මහත්මිය, උෂාන් මුදිත ගුණවික්‍රම මහතා, චරිනි නානායක්කාර මහත්මිය සහ මලීක රොෂාන් රොද්‍රිගෝ මහතා විසින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂම්මි ජයවර්ධන මහත්මිය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන සහභාගී වූහ. එමෙන්ම ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා ඇතුළු පිරිස, නිලධාරින්, සෙසුනිලයන් සහ ප්‍රතිලාභීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.