Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

23rd December 2022 23:05:35 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් අභයපුර ගම්මානයට පානීය ජලය

‘අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභී පවුල් 235 ක පුද්ගලයින් 900 දෙනෙකුගෙන් සමන්විත ‘අභයපුර’ ගම්මානයේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති පානී ජල අවශ්‍යතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම ගම්මානය වෙත පානිය ජල පහසුකම ලබාදෙනු ලැබීය.

‘මෙම අවශ්‍යතාවය පිළිබඳ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව වෙත දැනුම්දීමෙන් අනතුරුව එම ශාඛාවේ සභාපතිනි ෂම්මි ජයවර්ධන ගේ මූලිකත්වයෙන් එම අවශ්‍යතාවය ඉටුකිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.

‘විශ්ව සාම සම්මේලනය, ආගමික තරුණ සේවා, ජාත්‍යන්තර තරුණ සංගමය සහ සාමය සඳහා ශිෂ්‍ය සංගමය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණය මත RYS/UPF දීපව්‍යාප්ත මිත්‍රත්ව ව්‍යාපෘතිය යටතේ ඇති ශ්‍රී ලංකා තරුණ, යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙතින් අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.

‘RYS - Global and Global Youth Service Field Foundation පදනමේ අනුග්‍රාහකත්වය හා 1 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් යූ.ජී.එස්. විජේනායක ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්ව ලබාදුන්හ.

‘ජල ටැංකිය සවිකිරීමේ සහ නල පද්ධතිය සවිකිරීමේ සමාරම්භක උත්සවය පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 16) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය සහභාගී විය. එමෙන්ම, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින්, RYS Global පදනමේ සාමාජිකයන්, ප්‍රතිලාභීන් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් එක්ව සිටියහ.