Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th January 2023 21:47:38 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි ලෙස ෂම්මි ජයවර්ධන මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (12) දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථානයේ පැවති උත්සවයකදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

එම මූලස්ථානය වෙත සපැමිණි ෂම්මි ජයවර්ධන මහත්මිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන් සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරත විය.