Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th April 2023 14:43:46 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අනුරාධපුර ‘අභිමංසල -1’ සුවතා නිකේතනයේ සංචාරයක

අනුරාධපුර ‘අභිමංසල -1’ සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන් 2023 මාර්තු මස 27 දින එම සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.

මෙම වැඩසටහන 8 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කෙරිණි. මෙම සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂම්මි ජයවර්ධන මහත්මිය සහ එම සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟ සුහඳ අදහස් හුවමාරුවක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසූ අතර ඔවුන්ගේ ප්‍රතිකාර කටයුතු පිළිබඳව ද සොයාබැලීය.

‘අභිමංසල -1’ සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව සංගීතමය වැඩසටහනක් පවත්වමින් ඔවුන් විනෝදාස්වාදයට පත්කරනු ලැබීය. එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රදේශවාසීන් වෙත ත්‍යාග වවුචර්පත් ද මෙහිදී බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන, 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී මේජර් එන්.එල්.සී. චන්ද්‍රජිත් එස්එල්ඊ සහ සංජීවනී චන්ද්‍රජිත් මහත්මිය ද සහභාගී වූහ.

අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන මෙම ‘අභිමංසල - 1’ සුවතා නිකේතනය වෙතින් රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබන සියලුම රණවිරුවන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු සිදුකරනු ලබයි.