Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th April 2023 09:06:52 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව වෙතින් කුසුමා වැඩිහිටි නිවාසයේ නේවාසික පුරවැසියන් වෙනුවෙන් ප්‍රණීත රාත්‍රී භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සිංහල සහ දමිළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් අප්‍රේල් මස 13 වන දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂම්මි ජයවර්ධන මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී කුසුමා වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ කාන්තාවන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් සහ ප්‍රණීත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයන්, පොදුකාර්ය ඉංජිනේරු බලසේනාව, ශ්‍රී ලංකා යුධ ඉංජිනේරු පුහුණු පාසල සහ 15 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.